කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහල තුළ දැඩි කලබලයක් ඇති විය.
ඇතැමි කොරෝනා රෝගීන් බල්ලා කඩා පනිනවාත් සමග ඇඳවල් මතට නැඟ සිය ජීවිත බේරා ගැනීම සදහා මහ හඩින් කෑ කෝ ගසා තිබෙන බව කියති.
එම අවස්ථාවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විදෙස්ගතව සිට පැමිණී කාන්තාවෝ 18 දෙනෙක් ඇතුළත් ව 38 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිට ඇත.
පිරිසක් නේවාසික ප්‍රතිකාර අවසන් කර සිය නිවෙස් වෙත යාම සදහා සූදානම්ව සිටි බැවින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද රෝහල් භූමීයේ රැදී සිට ඇත.
රෝගීන්ගේ ඥාතීහු පැවැසූවේ රෝහල් සේවකයන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දරා සුනඛයා රෝහල් වාට්ටුවෙන් පිටතට එලවා දැමු අතර සුනඛයා පාරට පැමිණීමෙන් පසු රැස්වු පිරිස බල්ලාට පහර දී මරා දමන ලදී.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




