එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(28) සඳුදා නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරේ. සෞඛ්‍ය නීතිවලට අනුකූලව කෙටි උත්සවයක් මේ සදහා පැවැත්වේ.
සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුන නවක මන්ත්‍රීවරු සිය ධුර වල මෙසේ දිවුරුම් දෙති.
එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ සමගි ජන බලවේගයට එක් වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 69දෙනකු පක්ෂයෙන් නෙරපූ අතර ඔවුන් වෙනුවට මෙම සභිකයින් පත්කළ අතර ඊට අමතරව ඉල්ලා අස් වූ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට ද නවක සභිකයන් පත් කල බව ඒ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන,මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වෙති.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




