ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ නව දඟ පන්දු යැවීමේ පුහුණු උපදේශකයා වශයෙන් පත්කර ඇත.
රංගනව මෙසේ පත්කර ඇත්තේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු නවසීලන්ත ජාතික ඩැනියෙල් විටෝරිගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහාය.
එම පුහුණුකාර තනතුර සඳහා ඉන්දියාවේ සයිරාජ් බහතුලේ සහ පාකිස්තානයේ සයිඩ් අජ්මාල් කෙරෙහිද, බංග්ලාදේශයේ අවධානය යොමුව තිබුණද, අවසානයේ රංගන හේරත් හට එම අවස්ථාව උදා විය.
බංග්ලාදේශය පිතිකරණ පුහුණු උපදේශකයා වශයෙන් දකුණු අප්‍රිකාවේ ඈෂ්වෙල් ප්‍රින්ස්ව තෝරාගෙන ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




