බංගලාදේශ අගනුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය පවසනවා.
පසුගිය (27) දින ඩකා මොග්බසාර් ප්‍රදේශයේ කාර්යබහුල වීදියක තෙමහල් ගොඩනැගිල්ලක බිම් මහලේ මෙම පිපිරීම සිදු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
පිපිරීමෙන් අසල පිහිටි තවත් ගොඩනැගිලි හතක් සහ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථ තුනකට ද හානි සිදුවී ඇත.
මෙම පිපිරීමට හේතුව තවමත් සොයාගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ සහ බෝම්බ නිශ්ක්‍රිය අංශය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.




