ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීම සඳහා වන ඉල්ලීමට අනුමැතිය ලබා දීම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කිරිපිටි මිල වැඩි කිරීමට ඉඩ නොදෙන්නේ නම් දේශීය වෙළඳපලේ නිෂ්පාදන හිඟයක් ඇති විය හැකි බවට මහා පරිමාණ කිරිපිටි ආනයනකරුවන් පසුගියදා අනතුරු අඟවා ඇත. නමුත් ලෝක වෙළඳ පොළේ මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් මීට පෙර කිරි පිටි කිලෝ එකේ පැකට්ටුවක මිල රුපියල් 350 කින් ඉහළ දමා තිබෙනවා.
කෙසේ වෙතත් වසංගතය හේතුවෙන් සෑම කෙනෙකුටම දුෂ්කරතා දරාගැනීමට සිදුවී ඇති බව අමාත්‍යවරයා පවසනවා.
"දැනටමත් මිනිස්සුන්ට බරක් වෙලා. සමාජයේ යහපත උදෙසා සෑම දෙනාම මේ අවස්ථාවේ දී සම්මුතියක් ඇතිකර ගත යුතුයි" ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.