තවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා කියාසිටියේ කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී මෙම ආසාදිතයා හදුනාගත් බවයි. එම පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වනවා. ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවටද හඳුනාගෙන ඇත.
එම පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර බව ධනුක පත්මරාජ මහතා කියාසිටියා.
ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති අතර ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද පියවර ගෙන ඇත.




