හිටපු බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්න.
අසාත් සාලි මහතා ඉකුත් මාර්තු 09 වැනිදා කොළඹ දී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.
අසාත් සාලි මහතා ගොනු කළ තමා රැදවුම් නියෝග යටතේ තබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියා.