Header Ads

උණුසුම් පුවත්

දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ(12) ලබා දී තිබෙනවා.

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ(12) ලබා දී තිබෙනවා.

එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 36,677ක් ඊයේ ලබාදුන් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා.
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 181ක්. 
 
59,881ක් දෙනා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාදෙන ඇති සංඛ්‍යාව 76,615ක් වනවා.
 
වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා එන්නත් මාත්‍රා 27 ලක්‍ෂ 69,383ක් ලබා දී තිබෙනවා.