ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති සමාජ කොටස් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඊයේ (14) පැවති කැබිනට් හමුවේ දී අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථා ව මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති වුවද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති සමාජ කොටස් පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇතැයි එම අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම රටේ ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් ,ඉන්ධන සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔවුන් පවසා තිබෙනවා.
නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පැවති සජීවී වැඩසටහනක දී පවසා ඇත්තේ කැබිනට් මණ්ඩල හමුවේ දී ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ ව නැවත සාකච්ඡා නොකළ බවයි. ඉන්ධන මිල ඉහළ නැංවූයේ මාස හතරක සංවාදයකින් සහ අධ්‍යානයකින් පසු ව බව ඔහු වැඩිදුරටත් පවසනවා.