මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල වාහන ආදායම් බල පත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවන බව එම පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන් පවසනවා.
ඒ අනුව මධ්‍යම සහ දකුණු පළාත්වල මෝටර් රථ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්‍යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30 වනදා දක්වා අත්හිටුවා ඇත. මැයි මස 17 වනදා සිට ජුනි මස 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත් වන බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව එම ආයතන සඳහන් කරනවා.
එමෙන් ම ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූලි මස 16 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. එම කාලය තුළ කල් ඉකුත් වන බලපත්‍ර සඳහා ද දඩ මුදල් අය නොකරන බව ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දන්වනවා.




