ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බවයි.
දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, යතුරුපැදිවල ගමන් කළ 6ක්, පාපැදිවල ගමන් කළ 2ක් සහ ලොරි රථයක ගමන් කළ එක් අයෙක් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේය.
මාර්ගයේ ගමන්කරන පදිකයින් වැඩිවශයෙන් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන බව ද ඔහු පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid