දෙමටගොඩ 66 වත්තේ පසුගිය 11 වැනිදා සිට මේ දක්වා කාලයේ පී.සී.ආර්. පරීක්ෂණ පන්සිය තිහක් (530) සිදු කර ඇත.
එනම් ඩෙල්ටා ආසාදිතයන් හමු වූ ප්‍රදේශයේ මෙලෙස කොවිඩ් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයන් පනස් දෙනකු හඳුනාගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
මේ වනවිට 66 වත්තේ වයස අවුරුදු තිහට වැඩි පුද්ගලයන් 200 දෙනකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන්ය.
මෙම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගෙන් ගත් ජෛව සාම්පල 70ක් ද මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යායතනය වෙත යවා ඇති අතර එම පරීක්ෂණ සිදු කරමින් පවතියි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




