සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පාන් රාත්තලක මිල ඉහළ නොදමන බවට ප්‍රකාශ කරනු ලැබුවත්, රෝස් පාන් රාත්තලක මිල රුපියල් දහයකින් ඉහළ දැමීමට බොහෝ බේකරි හිමියන් කටයුතු කර ඇත.
මීට පෙර රෝස් පාන් රාත්තලක් රුපියල් 60.00කට අලෙවි කලද එය දැනට දින කීපයක සිට රුපියල් 70.00 දක්වා ඉහළ ගොස් ඇත.
මාළු බනිස්, බිත්තර බනිස් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00 සිට 10.00 දක්වා මිල ගණන්වලින් ද වැඩි කර ඇත.
මෙලෙස බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට ඉන්ධන මිල ඉහළ යෑම, බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතු වූ බව බේකරි හිමියෝ කියා සිටිති.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




