මේ වනවිට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ ගෑස් මිල වැඩි නොකිරීමට ඒ සඳහා පත් කළ පංච පුද්ගල අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා.
ගෑස් මිල සංශෝධනයට කිරීමට පසුගිය දා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරුණා. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ සහ කෙහෙලිය රඹුක්වැල්ලගෙන් සැදුම්ලත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස්වී ගෑස් මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් කර තිබූ ඉල්ලීම් සලකා බලනු ලැබුවා.
කෙසේ වෙතත්, අද (21) පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල ඉහළ නොදැමීමටයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




