ඉන්දියාවේ ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මාදිවෙල - ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හඳුනා ගැනීමක් නිසා, රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හඳුනා ගැනුනේ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙන්. එහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණ වලදී එම සාම්පල පහම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ බවට තහවුරු කර ගැනුණා. මේ වනවිට ආදල ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා.
මෙම ආසාදිතයි වාර්තා වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුව අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක විද්‍යා විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර කියා සිටියේ මෙම ප්‍රභේදය ඉදිරියේදී මෙරට රෝග ව්‍යාප්තියේ මූලිකම ප්‍රභවය වන බැවින් ඒ පිළිබද දැඩි අවදානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බවටයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid
 




 
							     
							     
							     
							     
 
 
 
