මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය දින දෙකකට සීමා කිරීමට  අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. 
ඒ අනූව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිතයි. එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිත මුදල් සහ ඉඩම් පනත් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඊට සහය ලබාදෙන බව විපක්ෂය ප්‍රකාශ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.
මේ අතර ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගේ අත්සනින් යුක්තව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදීමට නියමිතව තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid
 




 
							     
							     
							     
							     
 
 
 
