Header Ads

උණුසුම් පුවත්

දේශීය ටින් මාළු නිශ්පාදනය වැඩිකිරීම අවධානය යොමුව තිබෙනවා

දේශීය ටින් මාළු නිශ්පාදන ධාරිතාව තවත්  වැඩිකිරීම පිලිබදව  අවධානය යොමුව තිබෙනවා

ඒ පිලිබදව සාකච්ඡාවක් ඊයේ අමාත්‍ය කාංචන විජේසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන්  දේශීය ටින් මාළු නිෂ්පාදන සමාගම් සමග පවත්වා ඇත.

එසේම සතොස අලෙවි සැල් මගින් සහන මිලකට ටින් මාළු ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමටද මෙහිදි අවධානය යොමුකර තිබෙනවා.

මේ වන විට රටේ දිනකට ටින් මාළු අවශ්‍යතාවය ටින් 250,000ක් වන අතර මීට මාස කිහිපයකට පෙර එම අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය වුයේ ටින් 60,000ක් පමණි.

කෙසේවුවද මේ වන විට 220,000ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම දක්වා  ධාරිතාව වැඩි කර ඇති අතර ඉදිරි මාස 6 තුල තවත් කර්මාන්තශාලා 2ක් සහ පවතින ධාරිතාව වැඩි කිරීම තුලින් දිනකට ටින් 350,000ක් නිෂ්පාදනය කිරීමට හැකි වන බව අමාත්‍යවරයා කියා සිටියා