අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝයි.
පූජනීයය ස්ථාන, සිනමාහල් හා කොෟතුකාගාර වැසේ.
ස්පා ආයතන සම්පූර්ණයෙන් විවෘතයි.
බස්නාහිර පළාත තුල අතිරේක මධ්‍යස්ථ මට්ටමේ සීමාවන්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව සියළුම
පළාත් සඳහා හෙට දිනයේ සිට ජුනි 19 දක්වා ක්‍රියාත්මක නව සංචරණ මාර්ගෝපදේශ
මාලාව නිකුත් කර ඇත.
පසුගිය දින 14 සදහා පැවති සංචරණ සීමාවන් 2021 ජුලි 05 දින සිට බලපැවැත්වෙන පරිදි තවදුරටත් ලිහිල් කරන බව මෙහි දන්වා ඇත.
එසේම බස්නාහිර පළාත තුල කොවිච් 19 වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සදහා අතිරේක මධ්‍යස්ථ මට්ටමේ සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරන බව මෙම නිවේදනයේ සඳහන් ව ඇත.
ඒ අනුව අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
අවසර ලබා දී ඇති කාර්යයන් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට තදින් අනුකූල වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිට ඇත.
කෙසේ වෙතත් පූජනීයය ස්ථාන, සිනමාහල් හා කොෟතුකාගාර , සැණකෙළි සහ සිගීත සංදර්ශණ, උද්‍යාන, වෙරළ, ගංගා ඉවුරු , පබි සහ බාර්, කැසිනෝ, රාත්‍රී සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් වසා ඇත. ගෘහස්ථ පුද්ගලික උත්සව, සම්භාෂණ, රැස්වීම් (ගෘහස්ථ), පිහිනුම් තටාක පැවැත්වීමට අවසර නැති අතර ස්පා ආයතන සම්පූර්ණයෙන් විවෘත ලෙස දක්වා ඇත. අනෙකුක් සියළිම ආයතන හා සේවාවන් විවිධ සීමාවන් යටත්ව ක්‍රියාත්මක වෙි.
සියළුම ආයතන, අංශ හා මහජනතාව DReAM (D - පුද්ගල දුරස්ථභාවය, සමුහ ලෙස රැස් නොවී සිටීම, නිවසටම වී සිටීම, Re - ශ්වසන චර්යා විධි පවත්වාගෙන යාම, A- විෂබීජහරණ පිළිවෙත්: නිවැරදිව දෑත් සේදීම, විෂබීජහරණය කිරීම, M- නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම) ලෙස හඳුන්වා දී ඇති පුර්වාරක්ෂක ක්‍රමවේද සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිලිපදිමින් කටයුතු කල යුතු බවද මෙහි දක්වා ඇත.

එම නිවේදනය පහතින්,