සියලුම පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ලබන සතියේ සිට ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.
රටේ සියලු පාසල් තුළ ගුරුවරුන් 245,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර පාසල් විවෘත කිරීමට පෙර සියලු දෙනාට එන්නත් ලබාදීම අනිවාර්ය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.ළමුන් 100ට අඩු පාසල් 2962ක් ජූලි මාසය තුළ සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.




