කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරේ සියලු ත්‍රිවිධ හමුදා රෝහල්වලදී අද (5) දවස පුරා ජනතාවට එන්නත් ලබාදෙන බවයි.
වයස 30ට වැඩි පුද්ගලයන්ට බස්නාහිර පළාතේ නාරාහේන්පිට, වේරහැර, පනාගොඩ ගුවන්පුර හා වැලිසර යන ත්‍රිවිධ හමුදා රෝහල්වලදී හෙට උදේ 8:30 සිට සවස 4.30 දක්වා එන්නත් ලබාදීම සිදුකරන බවද පැවසේ.
වයස 60 ට වැඩි පුද්ගලයන්ට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, දියතලාව, අනුරාධපුර,කටුනායක , ගාල්ල කොටුව හා මාතර නිල්වලා යන යුද හමුදා කඳවුරුවලදී එන්නත් ලබාදීම සිදු කෙරේ.
යුද හමුදාපතිවරයා පැවසුවේ එම ස්ථානවලදී ඕනෑම අයෙකුට පැමිණ එන්නත් ලබා ගත හැකි බවයි. එමෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා මෙම පියවර ගත් බවද පැවසීය.