අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ උසාවි 50ක් අලුතින් ස්ථාපනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ඔහු කියා සිටියේ විනිශ්චකාරවරුන් තවත් 76 දෙනකු පත් කර ගැනීමටද කටයුතු යොදා ඇති බවයි.
මෙරට ජනගහනයෙන් ලක්ෂ දහයකට සිටින්නේ විනිසුරුවරුන් පහළොස් දෙනෙකු පමණකැයි පැවසූ අමාත්‍යවරයා එම සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කරගැනීම බලාපොරොත්තුව බවද කියාසිටියා.
අලි සබ්රි මහතා කියා සිටියේ ඕනෑම විනිසුරුවරයෙකුට දරා ගත හැකි ප්‍රමාණයක් තිබෙන බවත් ඉන් එය ඉක්මවා ගිය විට ඔහු කඩා වැටෙන බවයි.
එසේම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටද කටයුතුද මේ වන විට සිදු කරගෙන යන බවත් මේ වසර අවසානය වනවිට දිවයිනේ අධිකරණ 42ක කටයුතු පළමු අදියර යටතේ අරඹන බවත් පැවසීය.