අද (06) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් යාපනය, කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝ 98යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මේ සමඟ නාවික හමුදාව විසින් සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් හමුදා භාරයට ගෙන ඇත.
අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම්කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ගෝනි 04ක අසුරන ලද මෙම කේරළ ගංජා තොගය ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි සැක කෙරේ.
මෙම සැකකරුවන් කිරන්චි, පේසාලේ සහ පුනරීන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 29 කට අධිකයි.
කයිට්ස් පොලීසිය විසින් සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු සිදු කරයි




