යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ වයස අවුරුදු 55ට වැඩි, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 එම පිරිස සදහා හෙට (07) දින සිට ලබාදීමට නියමිත බව යුද හමුදාපතිවරයා පැවසීය.
අදාළ පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීම සිදු කරන අතර කොළඹ නගරසභා බල ප්‍රදේශය තුල ස්ථාන තුනක දී එන්නත්කරනය සිදුකිරීමට නියමිත වේ.




