මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
රුපියල් කෝටි ගණනක බදු නොගෙවීමේ හේතුව මත මීට ඉහත බලපත්‍ර අවලංගු කළ මහ බැංකු බැඳුම්කර චෝදනා එල්ල වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙම සමාගමට බලපත්‍රය නැවත ලබාදීම සම්බන්ධයෙන් රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් දැක්වූ දැඩි විරෝධය නිසා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සමාගම මඟින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 150ක මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම බලපත්‍රය මීට පෙර අහෝසි කර තිබෙනවා.
මීට අමතර ව අල්ලස් කොමිසමට පවා පැමිණිලි කර තිබෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ සමාගමකට යළි වාහන එකලස් කිරීමට අවසර ලබා දීම පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එය අහෝසි කිරීමට තමන් දැනටමත් පියවර ගෙන අවසන් බවයි.




