කොවිඩ් එන්නත ලබා නොදීම නිසා සියලුම වනජීවි නිලධාරීන් විරෝධය දක්වා ඇත. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පැවැසුවේ සියලුම වනජීවි නිලධාරීන් අද (07 වැනිදා) ක්ෂේත්‍ර රාජකාරි වල නිරත නොවීමට තීරණය කර ඇති බවයි.
වනජීවි සහ වන සංරක්ෂණ ඇමැතිවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දුන්නද, මෙතෙක් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු වී නොමැත. සංචාරකයින් සමග කටයුතු කරන තමන්ටද කොවිඩ් එන්නත ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණු බවද ඔහු කීවේය.
ප්‍රභාෂ් කරුණාතිලක පැවැසුවේ ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වූවද, වනජීවි කාර්යාල වල රාජකාරි කටයුතු සිදු කරන බවත්,සතුන්ට යම් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය වුවහොත් එම කටයුතුද සිදුකරන බවයි.
කොවිඩ් එන්නත වනජීවි නිලධාරීන්ට ලබා නොදුනහොත් සංචාරකයින් සමග කටයුතු කිරීමට බාධා එල්ලවනු ඇති බවත් මීට ඉහතදී යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වූ අවස්ථාවේදීද වනජීවි නිලධාරීන් ඔවුන්ට මගපෙන්වූ බවත්, ඔහු වැඩිදුරටත් පැවසුවේය.