ලැම්බ්ඩා (Lambda) ලෙසින් නම් කර ඇති නවතම කොරෝනා වෛරස ප්‍රභේදයක් පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජූනි මැද භාගය වන විට මෙම ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තියක් දකුණු ඇමරිකාවේ ඇති රටවල් තිහකට අධික සංඛ්‍යාවක සොයාගෙන ඇති බවයි.මෙම ලැම්බ්ඩා ප්‍රභේදය 2020 අගෝස්තු මාසයේ දී පේරු නුවර දී ප්‍රථමයෙන් ම අනාවරණය වී තිබුණත් ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් සිදුකර සිදු කර නැති බව විශේෂඥයෝ පවසනවා.
මෙම නව වෛරස් ප්‍රභේදය වර්තමාන කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිරෝධී විය හැකි බැවින් ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතු බවත් සිදු කරන ජානමය අනුක්‍රමණ මගින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් එය හදුනා ගත හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඕනෑම ප්‍රභේදයක් පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.