මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී අද (8) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා වැඩ භාර ගත්තේය.
හෙතෙම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ.
ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එතුමා දියතලාව ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ඇතුළත්ව මූලික පුහුණුව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ වසර 34 ක විශිෂ්ට සේවයක් ඉටු කළ අයෙකු වේ. ජනාධිපතිවරයාගේ කාබනික පොහොර සංකල්පයට උපරිම දායකත්වය ලබා දීමට තමන් සූදානම් බව සුභ මොහොතින් වැඩ භාර ගත් ඔහු මාධ්‍යයට කීවේය.