බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපොළ පෞද්ගලීකරණය කිරීමට කිසිදු සූදානමක් නැති බවයි.
එමෙන්ම තමා කිසිවිටෙකත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ බදු දීමටද ඉඩ නොදෙන බවද ඇමැතිවරයා පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට තෙල් බෙදා හැරීමේ කටයුතු චීන හෝ වෙනත් විදේශ සමාගමකට දීමට කිසිදු සූදානමක් නොමැති බවත් එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ජාවක් හෝ පවත්වා නැති බවත් ය.
බලශක්ති ඇමැතිවරයා වශයෙන් තමන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන බවද වැඩිදුරටත් පැවසීය.