බැසිල් රාජපක්ෂ මහතාට බාර දුන් මුදල් ඇමති ධුරයට අදාළ මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට ආයතන 51 ක් ඇතුළත් කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම අමාත්‍යාංශයට අදාළ විෂය පථය ගැසට් නිවේදනයක් මගින් පෙරේදා (7) ප්‍රකාශයට පත් කෙරිණ.
ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට එම අමාත්‍යාංශයට අයත්වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ආයතන පහත පරිදි වේ.
01. භාණ්ඩාගාර කටයුතු
*මහා භාණ්ඩාගාරය
*රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
*ජාතික අයවැය දෙපාර්තමේන්තුව
*කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
*විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
*රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
*භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
*රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
*වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
*තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
*නීති කටයුතු දෙපාර්තමේන්තුව
*කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
*සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව
02. රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු
*දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
*ශ්‍රී ලංකා රේගුව
*සුරාබදු දෙපාර්තමේන්තුව
*ජාතික ලොතරැයි මණ්ඩලය
*ජාතික ලොතරැයි මණ්ඩලය
*සංවර්ධන ලොතරැයි මණ්ඩලය
*ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
03. බැංකු මුල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු
*ශ්‍රී ලංකා මහබැංකුව
*සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය
*ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
*ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
*ණය තොරතුරු කාර්යාංශය
*සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
*ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
*ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව
04.අරමුදල් ප්‍රතිපාදන
*ලෝහෝර් ආර්යා අරමුදල
*වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තාවදය පිළිබඳ අරමුදල
*ජාතික රක්ෂණ භාර අරමුදල
*සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල
*ශ්‍රම වාසනා අරමුදල
*ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
*වකුගඩු අරමුදල
*තේ ශක්ති අරමුදල
*කප්රුක අරමුදල
*රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල
*බුද්ධ ශාසන අරමුදල
*බෞද්ධ පුනරුද අරමුදල
*සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
*දේශීය ණය සහ සංවර්ධන අරමුදල
*නිමැයුම්කරුවන්ගේ අරමුදල
*තුරුසවිය අරමුදල
*මධ්‍යම සංස්කෘතික අරමුදල
05.ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන
*විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
*වනජීවි භාරය
*ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය
*අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
*මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය
*සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්
*දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල