ධම්මික ජයසුන්දර මහතා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස පත් වී ඇත.එමහතා එම තනතුරේ වැඩභාර ගැනීම කොළඹ මරදානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ මුලස්ථානයේදී අද (08) සිදු කෙරිණ.
ධම්මික ජයසුන්දර මහතා නව තනතුරේ වැඩකටයුතු නිළ වශයෙන් ආරම්භ කළේ මහාසංඝරත්නයේ ආශිර්වාද මැද සුභ මොහොතකට අනුව රාජකාරි ලිපියකට තම අත්සන යොදමින්ය. මේ අවස්ථාවට හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.