පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් කිහිප දෙනෙකු අන්තර්ජාලය හරහා අපයෝජනයට ලක් කළ පුද්ගලයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් මගින් ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා .
එම පාසලේ විදුහල්පතිවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබෙනවා.
අදාළ සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන ජාලයක අලෙවි නියෝජිතයෙකු බව සොයාගෙන ඇත.
මෙම සැකකරු විසින් සිසුවියන්ට සූම් භාවිතය සඳහා ඩේටා පැකේජ ලබා දෙන බව පවසමින් ඔවුන්ගේ දුරකතන අංක ලබාගෙන ඇති අතර අන්තර්ජාලය හරහා ඔවුන් යම් ආකාරයකට ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
සැකකරු අද (08) මොරවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.