ජුලි 12 වනදා සිට සියලුම පාසල් කාර්යමණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
මේ අනුව මෙරට 10155ක් වන සියලු ම ගුරුවරුන්ට , විදුහල්පතිවරුන්ට මෙන්ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ මගින් එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා පැවසී ය.
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවක දී තීරණය කළ පිරිදි වයස් භේදයක් නොසලකා දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල කාර්යමණ්ඩලවලට සතියක් ඇතුළත කොවිඩ් 19 එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඊයේ සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම වැඩසටහනට දින නියම කරගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත කියා සිටියා.
එමෙන්ම දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත බවද මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි බවත් බැවසූ ඔහු මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද විශ්වාසය පළ කළා.