බස්නාහිර පළාත තුළ කුලී ත්‍රීරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ළඟදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ඊයේ (08දා) පැවසුවවා.
බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථ 3,52000කට අධික ප්‍රමාණයක් ධාවනය වේ.
2002 අංක 6 දරන මාර්ගස්ථ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවා ප්‍රඥප්තියට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ මෙම නියාමනය සිදු වනු ලබයි.
ත්‍රිරෝද රථ සේවා ප්‍රඥප්තිය මේවන විට බලාත්මක කිරීම සඳහා ප්‍රඥප්ති කමිටුව වෙත ඉදිරිපත් කර මූලික කටයුතු අවසන් කර ඇති බවත් එය ගැසට් කිරීමෙන් පසුව අදාළ නියාමන කටයුතු ආරම්භ කරන බවත් සභාපතිවරයා පවසයි.
හෙතෙම පැවසුවේ මෙමගින් ත්‍රිරෝද රථ වෘත්තිකයන් ශක්තිමත් කිරීම, ජීවන තත්ත්වය සුරක්‍ෂිත කිරීම සහ සාමාජීය ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සිදුවන බවයි.