ජපානය තුළ කොරෝනා වෛරස ආසාදනය වැඩි වීමේ හේතුවෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වෙන බව සංවිධායකයින් ඊයේ (08) ප්‍රකාශ කළා. ඒ මෙවර ඔලිම්පික් උළෙල ඇරඹීමට සති දෙකක් වැනි කෙටි කාලයක් තිබියදී .
සීමිත ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණ ද ටෝකියෝව තුළ අගෝස්තු 22 දා දක්වා හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමත් සමඟ එරට රජය මෙම තීරණය ගෙන තිබෙනවා.ටෝකියෝවට අමතරව ඔලිම්පික් උළෙල අගනුවර ආසන්නයේ පිහිටි චිබා, කනගාවා සහ සයිතාමා යන නගරවල ද අගනගරයෙන් පිටත තවත් ස්ථාන කිහිපයක ද පැවැත්වීමට නියමිතයි.