බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව අද (2021 ජූලි මස10 දින) මධ්‍යහන 12.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනවේ දැක්වේ.
උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.