කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රළු තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.
මෙය ජුලි මස 11 වන දින පෙ.ව. 06.30 වන තෙක් වලංගු වන පරිදි අද දින පෙ.ව. 06.30 ට නිකුත් කර ඇත.මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
නිරිත දිග මෝසම් තත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං අපේක්ෂා කරයි.මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම , පුත්තලම , කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70) දක්වා ඉහළ යා හැක.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සදහන් කාලය තුලදී අනතුරුදායක වන අතර නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.