අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අද අලුයම 3නේ පමණ සිට රත්නපුර දිස්ත්‍රික්කය මෙලෙස ජලයෙන් යටවීමට පටන් ගත් බව වාර්තාකරුවන් පවසයි.පවතින තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම පවසන්නේ කළු ගඟේ ජල මට්ටම මි.මී.8.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර රත්නපුර ඇළපාත පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
තවද "පූර්ව සූදානම කලින් ඉඳලම තියෙන නිසා ලොකු ගැටලුවක් මතු වෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියටත් වර්ශාව ඇති උනොත් ජල මට්ටම මීට වඩා වැඩි වෙලා මහ ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා.එන තත්ත්වයකට මුහුණ දෙන්න අපි සූදානමින් ඉන්නවා." ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියා.
දැනටමත් ඉවත් කිරීම් සිදු කර ඇති ජනතාවගේ අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අදාළ නිළධාරීන්ට උපදෙස් දී ඇති බවත් පීඩාවට පත් ජනතාව ඥාති නිවාසවලට හෝ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙසත් නිවේදනය කරනවා.