කොළඹ නගරය තුළ පවතින අධික වාහන තදබදය නිසා රටට දිනකට රුපියල් කෝටි 100 ක ආර්ථික අලාභයක් සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය කිරීම සහ කාලය අපතේ යාම නිසා අපේ රටට වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් කෝටි 390 ඉක්මවන බවත් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 08% ක් වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධවලට වැය කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුවී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.මේ හේතුවෙන් වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර ඇත. එම මෝටර් රථයක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 300ක් පමණ දුර ගමන් කළ හැකියි.
මෙම තාක්ෂණය තවම සංවර්ධනය වෙමින් පවතින නිසා නුදුරු අනාගතයේ දී කිලෝමීටර් 500 දක්වා වැඩිවනු ඇතැයි විශ්වාස කරනවා.
දැනට දිවයින පුරා ස්ථාපිත කර ඇති ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 55ක් වන අතර එම ප්‍රමාණය 200 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළා.
“අපේ රටේ නාගරීකරණය තුළ කාර්මීකරණය වීම අවම වශයෙන් සිදුව ඇති බැවින් වායු දූෂණයේ දී ඉන් සිදුවන බලපෑම ඉතාමත් අඩුයි. නමුත් වායු දූෂණයට ඉවහල් වන ප්‍රධාන කාරණය නම් පොසිල ඉන්ධන භාවිතය නිසා සිදුවන දහනය මගින් විෂ වායු කොටස් වායු ගෝලයට එක්වීමයි." ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.