මෙරට තුළ අතිරේක ආහාර වශයෙන් නම් කරමින් නිසි ලියාපදිංචියකින් තොරව ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කොට ඇති “කොල්කාල්සිෆෙරෝල්” නමැති ඖෂධීය නාමයෙන් යුත් විටමින් ඩී – 3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ගයන්ට අයත් නොවන අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඖෂධ ශාලා හිමිකරුවන් දැනුවත් කරමින් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙනතිබෙනවා.
ලියාපදිංචි කර තිබෙන ඖෂධ පමණක් වෛද්‍ය නිර්දේශයන් මත නිකුත් කරන නමුත් අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වෛද්‍ය නියමයන්ගෙන් තොරව ජනතාවට ලබා දීම නිසා ජනතාවට විවිධ සංකූලතා ඇතිවීමේ හැකියාව පවතින බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පවසනවා.
මේ අතර ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි නොකළ, අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සොයා බැලීමකින් තොරව අලෙවිය පිනිස තබා ගැනීමෙන් වලකින ලෙස ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා.