නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට ඇතුළු වී අනවසරයෙන් ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිවු දෙනෙකු ජංගම දුරකතන දෙකක් සමග නවගත්තේගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම ජංගම දුරකතනවල ඡායාරූප දත්ත මූලික විමර්ශ සිදු කිරීමෙන් පසුව නිදන් ඇති ස්ථාන සෙවීමේ අරමුණෙන් ඔවුන් මෙසේ රක්ෂිතයට ඇතුළු වන්නට ඇති බවට පොලීසිය සැකකරනවා.පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටළීම සිදුකර ඇත.
මෙම සැකකරුවන්ගෙන් තිදෙනකු ආඬිගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර එක් අයෙක් නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසනවා.