සමස්ත ජනග්හණයෙන් වැඩි ප්‍රතිශතයකට සැප්තැම්බර් මාසයට පෙර කෝවිඩ් මර්දන එන්නත් ලබා දීමේ නව වැඩපිළිවෙලක් පිළිබඳව එන්නත් කිරීමේ ක්‍රියාවලිය සහ අනාගත සැළසුම් පිළිබඳව ඊයේ(09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ විශේෂ කමිටුව සමඟ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ඉදිරි දෙසතිය තුළ දී ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.47 න් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අයට ලක්ෂ හයක් ද ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා ලෙස වෙන්කර තිබෙනවා.මීට අමතරව ජූලි 11 වනදා ලැබීමට නියමිත මුළු සිනොෆාම් එන්නත් මිලියන දෙක කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ 2ක් ගම්පහ දිස්ත්‍රික්කයට ලක්ෂ 05ක් කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 03 ක් වශයෙන් ලබාදෙමින් මෙම මස අවසන් වීමට පෙර සම්පූර්ණ බස්නාහිර පළාතම 100% ක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
මෙහි ඉතිරි කොටස ලක්ෂය බැගින් ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුර,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා වෙන්කර ඇති අතර ඉතිරි ලක්ෂ දෙක දෙක කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ඇත.
ඉදිරියේදී ලැබීමට නියමිත මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් මාත්‍රා මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලටත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී මෙම එන්නත් මන්නාරම දිස්ත්‍රික්කය ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පිහිටා තිබෙන නිසයි.
ඉතාමත් වේගයෙන් එන්නත්කරණය රට තුළ සිදු වෙන බැවින් සැලකිය යුතු මාත්‍රාවක් දැනටමත් ජනතාවට ලබා දී ඇති බැවින් ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම කඩිනම් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණා.
එසේම රටේ වර්තමාන එන්නත් ලබාදීමේ ප්‍රයත්නය පිළිබඳ විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.