කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් පිහිටුවීමට සංචාරක අමාත්‍යාංශයේ පියවර ගැනීමට යයි.
මෙය ඉදිරි සති තුන ඇතුලත ආරම්භ කිරීමට නියමිත අතර මෙම පරීක්ෂණාගාරය මගින් පැය තුනක් ඇතුළත ගුවන මගීන්ගේ පී.සී.ආර්. වාර්තා ලබ දීමට හැකියාව පවතී.දිවයිනට සංචාරකයන් ගෙන්වීම වේගවත් කිරීම සඳහා නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීම තුළින් සංචාරක ක්ෂේත්‍රය නැවත ගොඩනැංවීම කඩිනම් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
මේ අතර සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් එන්නත්කරණය හෙට ආරම්භ කෙරන අතර ලක්ෂ පහකට අධික සෘජුව සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.