කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් නිසා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදන දත්ත මැකී ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට කරුණු වාර්තා කර තිබෙනවා.
එම වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ පටිගත වී ඇති දත්ත අතර ඉකුත් මැයි මස පළමුවැනිදා සිට ජුනි මස 10 වන දා දක්වා කාලයට අදාළ දත්තයන් ද මැකී ගොස් ඇති බව වාර්තා වනවා.කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව දැනුම් දී ඇත.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ අදාළ යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එම දත්ත මැකී ඇද්දැයි යන්න පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂක වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂවරයාට නියෝග කෙරුණා.