කොව්ඩ් 19 (කොරෝනා) ආසාදිතව මියගිය දහසකට වැඩි ගණනක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භුමදානය කර තිබෙනවා.
කොවිඩ් ආසාදනයවී මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනයට, මෙන්ම භූමිදානයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කෙරුණු විශේෂඥ කමිටුව අවසර ලබා දීමෙන් පසුව මෙසේ මියගිය 1,001 දෙනෙකු ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූම දානය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.
රජය විසින් තෝරා ගනු ලැබූ ප්‍රධාන හුදෙකලා භූමියක් වන මඩකළපුව ඔට්ටමාවඩිහි දිවයිනේ විවිධ ප්‍රදේශවල මියගිය පිරිස් සෞඛ්‍යය නිර්දේශවලට යටත්ව භූමිදානය කර තිබෙන බවයි ඔහු පවසන්නේ.
Photo Credit : Thinakaran.lk










