පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද (17) සිට එළඹෙන අගෝස්තු 01 වනදා දක්වා එම තහනම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා.
මේ අතර අද (17) සිට නැවත දැනුම් දෙන තුරු පිට පළාත් සදහා දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මහතා පැවසුවා.
කොවීඩ් 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතය ලබාදුන් උපදෙස් මත කොළඹ කොටුව සහ මරදාන සිට පිට පළාත් සදහා ධාවනය වන දුම්රියන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
පසුගිය 14 වැනිදා සිට පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් පිට පළාත් වල සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා දුම්රිය හතක් ධාවනය කිරීමට පියවර ගනු ලැබුවා.
පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දුම්රියන් ධාවනය යළිත් තාවකාලිකව නතර කර තිබේ.




