ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO ) ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් (Dr Tedros Adhanom Ghebreyesus) කොවිඩ් තුන්වන රැල්ලක අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම තහවුරු කළ සමාජ සෞඛ්‍ය සුරකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම සහ සමාජය තුළ සංචලතාව ඉහළ යාම හේතුවෙන් ලෝකයම මේ වන විට කොවිඩ් තුන්වන රැල්ලේ මුල් අදියරට ලඟා වෙමින් සිටින බව වෛද්‍ය ටෙඩ්රෝස් මෙසේ අනතුරු අඟවමින් පවසයි.
ලොකයේ නැවතත් කොරෝනා අසාදිතයින් ගණන සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කර තිබේ.
මේ වනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 111 ක පැතිර ඇති බවත් කොවිඩ් වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.
මේ වනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 111 ක පැතිර ඇති බවත් කොවිඩ් වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.