මෙරටට පැමිණි වැඩිම කොරෝනා
මර්ධන එන්නත් තොගය වන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් අද අලුයම කටුනායක
ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.
චීනයේ බෙයිජිං නුවරින් අලුයම අලුයම 12.15 ට සහ අලුයම 01.45 ට මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 10 බැගින් රැගෙන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.869 සහ යූ.එල්.- 865 දරණ ගුවන් යානා අද අලුයම 05.10 ට සහ අලුයම 06.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
මෙම එන්නත් තොගය ගුවන් යානාවලින් ගොඩ බෑ පසුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගත් අතර ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ලබුවා.

සබැඳි පුවත - වැඩිම එන්නත් තොගය හෙට දිවයිනට