ලොවපුරා බලපා ඇති කොවිඩ් අර්බුදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙි වසරේ අලාභය ඇමරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ වන බව සංචාරක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශව සදහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි සීයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.
2017 වසරේ ඇමරිකානු ඩොලර් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වු අලාභය 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් කෝටි නවයක් දක්වා වර්ධනය වී ඇත.
සංචාරක අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ ගුවන් යානා 24 ක් සමාගම සතු අතර, එම යානා සියල්ලම කල්බදු පදනමෙන් ලබාගෙන ඇති ඒවා බවය.
සමාගමේ වාර්ෂික වාර්තාව අනුව , අලාභය අඛණ්ඩව වර්ධනය වන රාජ්‍ය සමාගමක් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත්ව ඇතැයි එම අමාත්‍යාංශය වාර්තාවක් මගින් දැනුම් දී ඇත.




