ජපන් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
49 හැවිරිදි දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 4ක් ද සොයාගෙන ඇත.
මෙම කාන්තාවට විරුද්ධව විවිධ අධිකරණවල නඩු 32ක් සහ අධිකරණ වරෙන්තු 17ක් පමණ ඇති බව අනාවරණය වී තිබෙනවා. එම පැමිණිලිවලට අනුව මෙම කාන්තාව රුපියල් 361,000ක් හා රුපියල් 485,500 ක මුදල් වංචා කර ඇති බව පොලිසිය පවසයි.
කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (10) දහවල් නවගමුව බටහිර ප්‍රදේශයේ දී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.




