කළුතර නගරයේ ස්ථිර ගව ඝාතකාගාරයක් ඉදි කිරීම සඳහා කළුතර මහනගර සභාවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පාමින් කළුතර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් නගර සභාවේ මාසික රැස්වීමට කඩාවැදී සිය විරෝධය පළ කර තිබෙනවා.
දකුණු කළුතර මරික්කාර් වීදියේ පවත්වාගෙන යන තාවකාලික ගව ඝාතකාගාරයට ස්ථිර බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කළුතර නගර සභාවේ සභාපති එම්.අමීර් නසීර් මහතා විසින් බව වාර්තා වනවා.
බෞද්ධ ජනතාවගේ ඉහමත් ගෞරවයට පාත්‍ර වූ කළුතර බෝධීන් වහන්සේ වැඩ වාසය කරන කළුතර නගරය තුළ ම මෙවැනි හිංසාවාදී කටයුතු සිදුකිරීම සඳහා අවසර ලබා දීම සුදුසු නොවන බව මහ සඟරුවන මෙහිදී පෙන්වා දී ඇත.
මෙම යෝජනාව මාසික රැස්වීමට ඉදිරිපත් නොකරන ලෙස සභාපතිවරයාගෙන් ද එම යෝජනාව සම්මත කර නොගන්නා ලෙස සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් ද එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා තිබෙනවා.




